ජාතික පොලිස් කොමිෂන් සභාවට සාදරයෙන් පිළිගනිමු

ජාතික පොලිස් කොමිෂන් සභාව සදහා සභාපතිවරයකු සහ සමාජිකයින් පත් කිරීම.

ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථාවේ 21 වන සංශෝධනය යටතේ ස්ථාපිත කරන ලද ජාතික පොලිස් කොමිෂන් සභාව සදහා අතිගරු ජනාධිපතිතුමා විසින් සභාපතිවරයකු සහ සාමාජිකයින් හතරදෙනෙකු පත් කරනු ලැබ ඇත. ශ්‍රි ලංකා පාර්ලිමේන්තුවේ කථානායකවරයා මුලසුන දරන සාමාජිකයින් 10 දෙනෙකුගෙන් සමන්විත ආණ්ඩුක්‍ර‍ම ව්‍යස්ථා සභාවේ නිර්දේශය මත ජනාධිපතිතුමා මෙම පත් කිරිම් සිදු කර ඇත. ඒකී පත්කිරීම් අනුව, සභාපතිවරයා සහ පහත සදහන් සාමාජිකයින් බණ්ඩාරණායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍ර‍ණ ශාලා පරිශ්‍රයේ පිහිටා ඇති ජාතික පොලිස් කොමිෂන් සභා ප්‍ර‍ධාන කාර්යාලයේ දී 2023 මැයි මස 16 වන දින රාජකාරී ආරම්භ කරන ලදී.

ජාතික පොලිස් කොමිෂන් සභාව සභාපති ඇතුළුව සාමාජිකයින් හත් දෙනෙකුගෙන් සමන්විත වන අතර තවත් සාමාජිකයින් දෙදෙනෙකු පත්කිරීමට නියමිතව ඇත. 2022 ඔක්තෝම්බර් මස 31 වන දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථාවේ 21 වන සංශෝධනය මගින් ස්වාධීන කොමිෂන් සභා නමයක් (09) පත් කිරිමට අපේක්ෂා කෙරිණ. ජාතික පොලිස් කොමිෂන් සභාව මෙම ස්වාධීන කොමිෂන් සභා නමයෙන් එකක් වන අතර ශ්‍රි ලංකා පොලිසිය සහ පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් පුළුල් බලතල සහිත අධීක්ෂණ කාර්ය භාරයක් ඊට පැවරේ. ස්වාධීන කොමිෂන් සභාවක් ලෙස ජාතික පොලිස් කොමිෂන් සභාව ප්‍ර‍ථම වරට ස්ථාපිත කරන ලද්දේ 17 වන ව්‍යවස්ථා සංශෝධනය යටතේ 2002 වර්ෂයේ දී වන අතර අනතුරුව කලින් කල සිදුවූ ව්‍යවස්ථාමය වෙනස්කම් අනුව එහි බලතල සංයුතියේ වෙනස්කම් සිදු විය. පොලිස් සේවාව වෙනුවෙන් ස්වාධීන කොමිෂන් සභාවක් ස්ථාපිත කිරීමේ මූලික අරමුණ වනුයේ පොලිස් දෙපාර්තමේන්තුව හෝ පොලිස් සේවය නිර්දේශපාලනීකරණය කර රටේ නීතියේ ආධිපත්‍ය ස්ථාපිත කිරීමයි. 21 වන සංශෝධනය යටතේ අභිනවයෙන් ස්ථාපිත කෙරුණු ජාතික පොලිස් කොමිෂන් සභාවේ බලාධිකාරයට අනුව පොලිස් සේවාවේ පොලිසිය සම්බන්ධයෙන් පුළුල් බලතල හිමිවේ. එනම්, පොලිස්පතිවරයා හැර පොලිස් නිලධාරීන් පත් කිරීම්, උසස් කිරීම්, ස්ථාන මාරු කිරීම්, සේවයෙන් පහ කිරීම් සහ විනය පාලන කටයුතු සහ පොලිස් නිලධාරීන් හෝ පොලිස් සේවයට එරෙහිව මහජනතාව විසින් සිදු කරන මහජන පැමිණිලි භාර ගෙන විමර්ශනය කිරිම සහ සහන සැලස්වීම් කොමිෂන් සභාවට පැවරී ඇත. මීට අමතරව ඉහත කාර්යයන් සඳහා කාර්ය පටිපාටි සැකසීම, පුහුණුව සහ පොලිස් සේවයේ කාර්යක්ෂමතාවය හා ස්වාධීනත්වය වැඩිදියුණු කිරීම, ජාතික හා පළාත් අංශයේ අවි ආයුධ, වෙඩි ද්‍රවය සහ වෙනත් උපකරණවල ස්වභාවය සහ වර්ගය නිශ්චය කිරීම, චර්යා සංග්‍රහ සහ විනය පටිපාටි ඇතුළු පොලිස් නිලධරයන් සම්බන්ධයෙන් සියලු කාරණා සඳහා කටයුතු සැලසීම ද කොමිෂන් සභාවේ විෂය පථයට ඇතුලත් වේ

ජාතික පොලිස් කොමිෂන් සභාව,
අංක 09 ගොඩනැගිල්ල, BMICH පරිශ්‍රය, බෞද්ධාලෝක මාවත, කොළඹ 07,
ශ්‍රී ලංකාව.

වත්මන් කොමිෂන් සභාව

E.W.M. ලලිත් ඒකනායක මහතා
සභාපති
E.W.M. ලලිත් ඒකනායක මහතා
D.K. රේණුකා ඒකනායක මහත්මිය
සාමාජික
D.K.රේණුකා ඒකනායක මහත්මිය.
K. කරුනාහරන් මහතා
සාමාජික
K. කරුනාහරන් මහතා
දිල්ෂාන් කපිල ජයසූරිය මහතා
සාමාජික
දිල්ෂාන් කපිල ජයසූරිය මහතා
A.A.M. ඉල්ලියාස්  මහතා
සාමාජික
A.A.M. ඉල්ලියාස් මහතා
පත්වීමට නියමිතව ඇත.
සාමාජික
පත්වීමට නියමිතව ඇත
පත්වීමට නියමිතව ඇත.
සාමාජික
පත්වීමට නියමිතව ඇත
තමරා D. පෙරේරා මහත්මිය
ලේකම්
තමරා D. පෙරේරා මහත්මිය

සභාපති

ඊ.ඩබ්ලිව්.එම්. ලලිත් ඒකනායක මහතා ( විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු)

සාමාජිකයින්

D.K. රේණුකා ඒකනායක මහත්මිය (විශ්‍රාමලත් අමාත්‍යාංශ ලේකම්)
කනපතිපිල්ලේ කරුණාහරන් මහතා ( විශ්‍රාමලත් දිස්ත්‍රික්ක ලේකම්)
දිල්ෂාන් කපිල ජයසූරිය මහතා (නීතිඥ)
ඒ.ඒ.එම්. ඉල්ලියාස් මහතා (ජනාධිපති නීතිඥ)

සේවාවන්

අප සපයන

welcome
welcome

මහජන පැමිණිලි කළමනාකරණ පද්ධතියේ අන්තර්ජාල බිහි දොරට සාදරයෙන් පිලිගනිමු

பொதுமக்கள் முறைப்பாட்டு முகாமைத்துவ முறைமையின் இணைய நுழைவாயிலுக்கு உங்களை அன்புடன் வரவேற்கின்றோம்.

Welcome to the web portal of Public Complaints Management System

තොරතුරු දැනගැනීමේ අයිතිය

තොරතුරු නිලධාරී

තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ පනත යටතේ තොරතුරු සඳහා ප්‍රථම ඉල්ලීම කොමිෂන් සභාවේ තොරතුරු දැනගැනීමේ නිලධාරී වෙත ඉදිරිපත් කරන්න.

නම : W.M.D.K වික්‍රමසිංහ මහත්මිය

ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (වැඩ බලන) සහ තොරතුරු නිලධාරීනිය

ලිපිනය : ජාතික පොලිස් කොමිෂන් සභාව, අංක 09 ගොඩනැගිල්ල, BMICH,බෞද්ධාලෝක මාවත,කොළඹ 07.

දුරකථන : 0112166505

ෆැක්ස් : 0112166555

ඊමේල් : info@npc.gov.lk

නම් කළ නිලධාරිනිය

ඔබ තොරතුරු නිලධාරීන්ගේ පිළිතුරින් සෑහීමට පත් නොවන්නේ නම් කොමිෂන් සභාවේ නම් කළ නිලධාරියා වෙත අභියාචනය කරන්න.

නම : තමරා ඩී පෙරේරා මහත්මිය ලේකම් සහ නම් කළ නිලධාරිනිය

ලිපිනය : ජාතික පොලිස් කොමිෂන් සභාව, අංක 09 ගොඩනැගිල්ල, BMICH,බෞද්ධාලෝක මාවත,කොළඹ 07.

දුරකථන : 0112166502

ෆැක්ස් : 0112166577

ඊමේල් : info@npc.gov.lk

 

සම්බන්ධතා

ප්‍රධාන කාර්යාලය

සාමාන්‍ය සබැඳි

දුරකථන (+94) 11 2166500
ෆැක්ස් (+94) 11 2166555
විද්‍යුත් තැපැල info@npc.gov.lk
ක්ෂනික ඇමතුම් 1960 / 0710361010

ලිපිනය
ජාතික පොලිස් කොමිෂන් සභාව, අංක 09 ගොඩනැගිල්ල, BMICH පරිශ්‍රය,බෞද්ධාලෝක මාවත,කොළඹ 07, ශ්‍රී ලංකාව .

ප්‍රධන කාර්යාලයේ දුරකථන අංක
සභාපති: 0112166501
ලේකම් : 0112166502
ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් : 0112166505
අධ්‍යක‍්ෂ මහජන පැමිණිලි විමර්ශන : 0112166503
ප්‍රධාන ගණකාධිකාරී : 0112166507

පළාත් කාර්යාල

පළාත් අධ්‍යක්ෂ (බස්නාහිර) 0112166521
පළාත් අධ්‍යක්ෂ (බස්නාහිර) 0112166522
පළාත් අධ්‍යක්ෂ (සබරගමුව) 0112166538
පළාත් අධ්‍යක්ෂ (උතුර) 0112166535
පළාත් අධ්‍යක්ෂ (නැගෙනහිර) 0112166533
පළාත් අධ්‍යක්ෂ (උතුරුමැද) 0112166531
පළාත් අධ්‍යක්ෂ (වයඹ) 0112166536
පළාත් අධ්‍යක්ෂ (ඌව) 0112166532
පළාත් අධ්‍යක්ෂ (දකුණ) 0112166534
පළාත් අධ්‍යක්ෂ (මධ්‍යම) 0112166537

ජාතික පොලිස් කොමිෂන් සභාවේ කටයුතු පුළුල් වනවාත් සමග  මෙම වෙබ් අඩවියේ අඩංගු තොරතුරු සහ අන්තර්ගතය අඛණ්ඩව යාවත්කාලීන කිරීමට බලාපොරොත්තු වේ.

 

දැන්වීම්

1. භාගතකිරීම්

අ. ජාතික පොලිස්කොමිෂන් සභාව විසින් සාදනු ලබන රීතී (අති විශේෂ ගැසට් පත්‍ර 2345/45)

ආ. මහජන පැමිණිලි විමර්ශණය කිරීම සඳහා වන කාර්ය පටිපාටික රීතී (අති විශේෂ ගැසට් පත්‍ර 2345/46)

ඇ. බලතල පැවරීම (අති විශේෂ ගැසට් පත්‍ර 2341/51)

2. ‍මිල ගනන් කැඳවීම

භාවිතයෙන් ඉවත් කරන ලද ත්‍රී රෝද රථය විකිණීම සදහා මිල ගණන් කැඳවීම

පොලිස් කොමිෂන් සභාවේ භාවිතයෙන් ඉවත් කරන ලද පහත සදහන් ත්‍රී රෝද රථය ටෙන්ඩර් මගින් විකිණීම සදහා මෙයින් මිල ගණන් කැඳවනු ලැබේ.

ලියාපදිංචි අංකය WP QG - 7470

වර්ගය BAJAJ

මාදිලිය AUTO Re 2 Stroke

නිෂපාදිත වර්ෂය 2006

එම රථය 2024.04.08 සිට 2024.04.28 දක්වා සතියේ කාර්යාල වැඩකරන දිනයන්හී පෙ.ව. 8.30 - ප.ව. 4.15 දක්වා ජාතික පොලිස් කොමිෂන් සභාව ගොඩනැගිලි අංක 09, BMICH පරිශ්‍රය, කොළඹ 07 ලිපිනය වෙත පැමිණ කිසිදු ගෙවීමකින් තොරව පරීක්ෂා කර බැලිය හැකිය.

මිල ගණන් ඉදිරිපත් කිරීම සදහා වන අයදුම්පත ආපසු නොගෙවනු ලබන රු. ‍500/= ක් හා ආපසු ගෙවනු ලබන රු.2000/= ඇප මුදලක් 2024.04.08 සිට 2024.04.28 දින දක්වා සතියේ වැඩ කරන දිනයන්හි පෙ. ව 09. 00 සිට ප. ව 3. 00 කාලය තුල ජාතික පොලිස් කොමිෂන් සභාවේ පලමු මහලේ පිහිටි සරප් අංශය වෙත ගෙවා එය ඉදිරිපත් කර මෙම ආයතනයේ ප්රවවාහන නිලධාරී වෙතින් මිල ගණන් ඉදිරිපත් කිරීමට අදාල ටෙන්ඩර් විස්තර පත්රිරකාව හා ටෙන්ඩර් ඉල්ලුම් පත්රහය ලබා ගත හැක.

අදාල මිල ගණන් 2024.04.29 දින දවල් 2.00 ට පෙර පහත සදහන් ලිපිනයට තැපෑලෙන් හෝ අතින් ගෙනවිත් ලේකම් කාර්යාලයේ ඇති ටෙන්ඩර් පෙට්ටියට බහාලිය හැකිය.

ටෙන්ඩර් විවෘත කිරීම එදින ප ව 2.00 ට සිදු කරනු ඇත.

රථය තක්සේරු වටිනාකමට වඩා වැඩිම මිල ඉදිරිපත් කර ඇති ඉල්ලුම්කරු වෙත ලබා දීමට කටයුතු කරනු ලැබේ.

මිලදී ගනු ලබන අය සම්පූර්ණ මුදල එකවර ගෙවා සතියක් ඇතුලත රථය ඉවත්කර ගැනීමට කටයුතු කල යුතුය.

මේ සම්බන්ධව ගනු ලබන අවසාන තීරණය ජාතික පොලිස් කොමිෂන් සභාවේ ප්‍රධාන ගණන් දීමේ නිළධාරියා සතුවේ.

මේ සම්බන්ධව වැඩි විස්තර ලබා ගැනීම සදහා මෙම ආයතනයේ පරිපාලන නිලධාරී දුරකථන අංක 011-2 166528 මගින් ලබා ගත හැක.

ලේකම්

ජාතික පොලිස් කොමිෂන් සභාව

අංක 09 ගොඩනැගිල්ල

BMICH -කොළඹ 07

-

3. ජාතික පොලිස් කොමිෂන් සභාවේ පවතින පුරප්පාඩු

2023.06.16 දින වන විට ජාතික පොලිස් කොමිෂන් සභාව වෙත අනුමත කාර්ය මණ්ඩලය තුළ දීප ව්‍යාප්ත සේවාවන්වලට හා ඒකාබද්ධ සේවාවන්වලට අයත් තනතුරුවල පහත පුරප්පාඩු පවතී.

අනු අංකය තනතුර පුරප්පාඩු සංඛ්‍යාව
1 ශ්‍රී ලංකා පරිපාලන සේවය I ශ්‍රේණිය 2
2 ශ්‍රී ලංකා පරිපාලන සේවය II/III ශ්‍රේණිය 6
3 ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවය II/III ශ්‍රේණිය 1
4 භාෂා පරිවර්තක සේවය I/II (සිංහල-ඉංග්‍රීසි) 1
5 සංවර්ධන නිලධාරී සේවය I/II/III 10
6 කළමනාකරණ සේවා නිලධාරී සේවය I/II/III 2
7 ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සේවය 3 පන්තිය I/II/III 1
8 ඒකාබද්ධ රියදුරු සේවය විශේෂ/I/II/III ශ්‍රේණිය 2
9 කාර්යාල සේවක සේවය විශේෂ /I/II/III ශ්‍රේණිය 2
Total 27

Click the button to display the date and time this document was last modified.

Developed and Maintain By ICT Unit National Police Commission Block 9, BMICH Premises, Bauddhaloka Mawatha, Colombo 07, Sri Lanka